Skip to main content

Editor එක ගැන

අපි එහෙනම් editor එක open කරමු!

Godot file එක doubble click කරලා ඒක open කරද්දි ඔයා දකින මුල්ම window එක තමයි Project Manager එක. මෙතනින් තමයි අලුතින් project create කරන්නෙ/ කලින් හදපු project manage කරන්නෙ.

අලුත් project එකක් හදමු

Project Manager
Project Manager එකේ තියෙන Create button එක click කරන්න.

Pop up එකක් ඒවි.
එතන project එකේ නම දෙන්න. example “Walking Sim Tut”
ඊට පස්සෙ save වෙන්න ඕන folder එක තෝරලා, Create. click කරන්න
New project

Editor Interface එක

දැන් ඔයාට godot editor interface එක ලස්සනට පේනව ඇති. මං ඉක්මනට මේකෙ ප්‍රධානම කොටස් ටික ගැන කියාගෙන යන්නම්.
දැන්ම මේවා මතක තියාගන්න ඕන නෑ. ඒක ඉබේම වේවි ඉස්සරහට project කරද්දි.

Editor Interface

මේ තියෙන්නෙ ප්‍රධාන කොටස් ටික:

  • Scene Panel → scene එකේ තියෙන nodes ටික බලාගන්න පුලුවන්.
  • Inspector Panel → select කරපු node එකකට අදාළ properties බලාගන්න පුලුවන්.
  • FileSystem Panel → project files ටික පෙන්නනවා.
  • Viewport (මැද area එක) → අපි game world එක හදන්නෙ මේකෙ.
  • Top Toolbar → play, pause සහ එක එක tool options තියෙනවා.
  • Bottom Panel → output එක බලාගන්න, animation කරන්න, debugging, ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්.

ගොඩක් ගොඩක් දේවල් තියෙනවා, හැබැයි දැනට ඒවා අදාළ නෑ. අපි basics ටික බලලා ඉමු මුලින්.
ඉස්සරහට යද්දි දේවල් ගැන ඔයාටම comfortable වෙයි. දැනට ඒවා අවුලක් කරගන්න එපා.

එහෙනම් හදන ගමන්ම ඉගෙනගමු!

වැඩේ easy 😋

දැන්ම හැමදේම ගොඩක් serious කරගන්න එපා. ආතල් එකේ කරගෙන යන්න!